අබා තිරගත වී කල් ගත වී ඇත. එහෙත් මා හට අබා නැරඹීමට හැකියාවක් නොවීය. ලංකාවට පැමිණි විගසම මා හට අබා නැරඹීමට සිත් වූ යේ මේ දින වල අබා ගැන නොයෙකුත් වාද විවාද පැවැත්වෙන නිසා ය. අබා නැරඹුවෙමි. පුළුල් තිර චිත්‍රපටියක් වුවත් මා නැරඹු ශාලාවේ එය පෙන්වීමට තරම් පහසුකම් නො තිබුනි. දසුනෙන් කොටසක් තිරයේ සීමාවෙන් එපිට ද දර්ශනය විය. මා නැරඹුවේ පෙ.ව. 10.30 දර්ශනය යි. ශාලාවෙන් අඩකට වඩා සිටියේ පාසල් සිසු සිසුවියන් ය. අබා ගැන නොයෙකුත් දේ කියවා තිබූවත් එම කරුණු වලින් මා සිත නිදහස් කරගෙන එය බැලීමට උත්සාහ ගතිමි. මෙය චිත්‍රපටි විචාරයක් නොවේ. අබා ගැන මා ගේ
චිත්තරාජ ගේ හිස ගසා දමන අවස්ථාව මා හට ජෙසූ තුමාට කුරුසියේ ඇන ගසන අවස්ථාව සිහි කර වී ය. මෙහි ඇති ඇඳුම් පැළදුම් එම අවස්ථාව අප සංස්කෘතියට ගැලපෙන්නේ නැති බව ඉතා පැහැදිලි ය. ඇඳුම් වලින් ශෝකය ත්‍රාසය අපට දැන්වීමට ජැක්සන් මහතා උත්සාහ ගත්තා විය හැකි යි. නමුත් චිත්‍රපටියේ අනෙක් අවස්ථා වල එවැනි උත්සාහ දරා නැති නිසා එම අදහස ද සධාරණ නොමැත. අනෙක මෙය හඳගමගේ චිත්‍රපටික් නොවේ. මෙම දසුන් පෙළ සිහළ සංස්කෘතියට හැලපෙන අයුරින් කළේ නම් මෙවැනි විවේචන අබා ගැන නොනැගෙන්නට ඉඩ තිබුනි. එසේ වූ යේ නම් මා අබා නොබලන්නට ඉඩ තිබුනි.
බොහෝ අවස්ථා වල විහිළුමය ස්වරූපයක් ගනු ලැබෙනු දක්නට ලැබිනි. අඩ බෙර කරු බොහෝ අවස්ථා වල විහිළු කරුවෙක් බවට පත් කොට තිබුනි. ඉතා මහත දරුවෙක් සටන් වලට යොදා ගැනීම ද එහි එක් අවස්ථාවකි.
හබරා අවුරුදු 15ක් ගත වුවත් වයසට යන්නේ නැත. දොරමඩළාව ද වෙනස් වන්නේ නැත. මා හට මෙය ළමයින් සඳහා කළ නිර්මාණයක් යැයි සිතිනි. නිර්මාණයේ සිප්ලකුව හැර රස විඳිමට ඇත්තේ සෞමිය ලියනගේ ගේ රඟපැම පමණ ය. අනෙක් චරිත වල රස විඳීමට යමක් නොමැත. ළමුන් සඳහාම නිපැය වූ සූරිය අරණ චිත්‍රපටිය මා මෙයට වඩා රස විඳි බව ද කිව යුතු ය.
මෙහි කියවෙන ඉතිහාස කතාව ගැන සංවාදයක් ගොඩ නැගීම ඉතා අවැසි යි. මෙය චිත්‍ර පටියක් බව සැබවි ය. නමුත් මෙය සිහළ ජනයා ගේ ඇරඹුම ගැන කියවෙන්නකි. සිහළයන් ගේ ඇරඹුම ගැන සංගත ප්‍රවාදයක් ගොඩ නැගීම ඉතා ඇවසි බව මෙම චිත්‍ර පටිය කියා දෙයි. එලෙස සංගත ප්‍රවාදයක් තිබුනි නම් මෙම කතාව චිත්‍රපටියක් ලෙස විඳීමට ඉඩ තිබුනි.
No comments:
Post a Comment