තිබුනද රිසි කමක් කීමට කවි | බැඳ |
නෑ මට දස්කමක් ලියුමට පැදි | පද |
සී පද කල් දැමෙයි නොව කියමින් | අද |
වේ විද මා සමත් කීමට හද | බැඳ |
නෑ | කිසිවිට |
වී | පසෙකට |
ඒ | සිහිකොට |
මා | අසුපිට |
හෙළ හෙළියෙ | ඇත්තන් |
දුන් සැවොම | ඔවදන් |
මුලින් පද | බැඳපන් |
එළි සමය | නොසිතන් |
ලිව්වා මුල් | පද අට |
යැව්වා හෙළ | හෙළියට |
නින්දා නැත | අසනට |
සිතුවා තව | ලියුමට |
ඉන්නෙ මා මේ | දුරු රට |
සිංහළය නැත | ඇසුරට |
නැංවු මාගේ | බස් පෙම |
හෙළියටයි හෙළ | පිංකම |
මා කවියෙකු නොවුවත්, වීමට නොසිතුවත්, කවි පෙළක් ලියූ වගයි. :-)
යතුරු ලියනය සදහා අනුරාධ ගේ හෙළ පැදි හැඩසවනය යොදා ගතිමි.
4 comments:
කවිය අර්ථ ධ්වනි මාර්ගයෙන් රස සදන කලාවෙකි. එම අර්ථ ධ්වනි ශබ්ද ධ්වනි විසින් ප්‍රබල කරනු ලැබේ. රසය වර්ධනය කරනු ලැබේ. විරිත සිංහල කවියේ ඒ සදහා යොදා ගන්නා හුරුබුහුටි අංගයකි. විරිතින් සඳැසින් තොර නිසඳැස් නම් ආනයනිත බඩුව අංශභාග කවියකැයි ගුණදාස අමරසේකර ලීවේ එහෙයිනි. බටහිර අනුකරණය කර අටවා ගත් ඊනියා නිසඳැස් උගුලේ නොවැටී නියම සිංහල කාව්‍ය සම්ප්රදාය වෙත පිවිසීම අගයමි. අපූර්ව වස්තු නිර්මාණයේ ශක්‍යතාව සතතාභ්යයාසයෙන් වර්ධනය කර ගත යුත්තකි. එහෙයින් දිගට ම ලියන්න. කවියෙකු වීමේ කෙටි මං නැත.
විරිත, සඳැස සැම විට ම රැකිය යුතු යි. එළිසමය නැති වීමේ වරදක් නැහැ. මොකද, කවියකට ගැයිය හැකි බවක් එනේ විරිතෙන් හා සඳැසෙන්. එළිසමයෙන් කවියට මනා ඔපයක්, ලස්සනක් එනවා.
ඔබේ කවි රසවත්, දිගටම ලියන්න. කවි ලිවීමේ දිගු මඟට පිළිපන් ඔබට සුබ පැතුම්.
ඇත්තටම රසවත්!
කවි ගැන ලොකුවට දන්නෙ නෑ.
ඒත් ඔබේ කවි රසවිඳින්න පුළුවන්.
elane ban
Post a Comment