Saturday, August 9, 2008

ඔලිම්පික් 2008 - II

චීනයට 2008 වසරේ අංක 8 එතරම් වාසනාවක් ගෙන දුන්නේ නැත. ජනවාරි 25 (01 +2+5=8) ඇති වූ හිම කුනාටුව අඩ සියවසක් තුල ඇතිවූ දරුණුතම හිම කුනාටුවයි. මාර්තු 14(03+1+4=8) ඇතිවූ ටිබෙට් අරගල අවුරුදු 49 කට පසු ඇතිවූ දරුණුතම අරගලය වූ අතර මෙය මර්ධනය කළ ආකාරය නිසා චීනයට විශාල ලෙස ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු විය. ඔලිම්පික් ගිනි සිළුවට ලොව පුරාම විරෝධතා එල්ල වූයේ මෙනිසාය. මැයි 12(05+1+2=8) ඇතිවූ දරුණු භූ කම්පාව නිසා 70 000 ක් පමණ මිය ගියහ. මෙය වසර 30 ක් තුල ඇතිවූ දරුණුතම භූ කම්පාවයි.

ඒ කෙසේ වුවත් චීන වැසියෝ අංක 8 ඉතා වාසනාවන්ත අංකයක් ලෙස සලකති. බීජිං නුවර පමණක් යුවල 16 000 ට වැඩි සංඛ්‍යාවක් 2008-08-08 වෙනි දිනවිවාහ වී ඇත. චීනය ඔලිම්පික් උළෙල ඇරඹුමට යොදාගත්තේ අංක 8 යි. එනම් 08-08-08 චීනයේ බිජිං නුවරදී ප.ව. 08:08 ට ඔලිම්පික් උළෙල නිළ වශයෙන් ඇරඹින. මා 1988 සිට සෑම සමාරම්භක උළෙලක්ම නරඹා(තෙල දසුනෙන්) ඇති නමුත් මෙතරම් අලංකාර උළෙලක් දැක නොමැත. චීනුන් 16 000 ක් දස්කම් පෙන්වූ මෙම උළෙල ඔවුන්ගේ පිරිස් බලය මනාව පැහැදිළි කෙරින.

වෙසෙසින්ම ඇමෙරිකානු මාධ්‍ය පවා උත්සවය වැණීමේ නිරතව සිටියහ. නමුත් ඔවුහු ඉන් පසු මෙම ක්‍රීඩාංගනය සැදූ කම්කරුවන් පසු පස ගියහ. ඔවුන් විදින දුක් පිඩා, බීජිං නුවර ඉදි කිරීම් අත් හිටවූ පසු ඔවුන්ට රැකියා නැතිවූ අයුරු ද පෙන්නනට විය. ලස්සනට ඇති නගරය පෙන්වන අතරම අඳුරු පටු මං මාවත් වලත් කැමෙරාව ගෙන යාමට ඔවුහු අමතක නොකළහ. බොහෝමයක් දියුණු රට වල මෙවැනි අඳුරු තැන් ගැන වැඩ සටහන් තැනීමට හැකි බව මගේ අදහසයි. නමුත් ඔවුහු එය නොකරති. එවැනි අවස්ථා වල ස්වයං වාරණයක් පනවා ගනිති.

ඇමෙරිකානු ක්‍රීඩකයන් හතර දෙනෙක් චීනයට එන විට මුව ආවරණ පැළඳ පැමිණියහ. පසුව ඔවුහු චීනයෙන් ඒ ගැන සමාව ඉල්ලූහ. ඒ බටහිර මාධ්‍ය චීනය ගැන මවා තීබූ රූපය නිසයි. බ්බිසී සේවය පවා දවසකට වරක් බීජිං අහසේ අපවිත්‍රතාව මැන වගු ගත කරයි. නමුත් මෙම මැනුම් වලට යොදා ගන්නා උපකරණ නිවැරදි නොවන බවත් අහසේ අපහැදිලි බවට හේතුව ආර්ද්‍රතාව වැඩි වීම බව ඇමෙරිකානු පුවසුරු වරියක් (මහාචාර්යවරියක්) පැවසුවාය.

ඇමෙරිකාව තවත් අපූරු වැඩක් කළේය. ඒ ක්‍රීඩක පෙළ පාලියේදී ඇමෙරිකානු කොඩිය ගෙන යාමට එරටට සරණාගතයෙක් ලෙස පැමිණ සිටින මිටර 1500 ක්‍රීඩක Lopez Lomong ට ඉඩ සලසා දීමයි. ඔහු ඇමෙරිකානු ඔලිම්පික් තේරීම් තරග වලදී ලබා ගත්තේ 3 වෙනි තැනයි. පසුගිය ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් 6 ක් දිනා දුන් මයිකල් පෙල්ප්ස් වැනි ක්‍රීඩකයන් සිටියදී ඔහුව තෝරාගත්තේ ඇයි. ඔහු සූඩාන ජාතිකයෙකි. සූඩාන යුද්ධයෙන් සරණාගත වූවෙකි. ඩාෆූර් අර්බුදයේදී චීනය සූඩාන රජයට ආධාර කරන බවට චෝදනා නැගෙයි. මෙනිසා බටහිර ජාතීන්ට එයට අත දිගහැර මැදිහත් විය නොහැක. එයට චීනයට රිදවීමට මෙය කළා යැයි මට සිතේ.

2 comments:

නාමල් උඩලමත්ත said...

කාලීන මෙන් ම වැදගත් ලිපියෙකි. චීනය පිළිබද බටහිර මාධ්‍ය ගෙන යන අවලාද ප්‍රචාරය හුදෙක් එරටේ නැඟී සිටීම දරා ගත නොහැකිව කරන්නක්ය යන්නයි මගේ හැගීම. චීනයේ ඇතැම් දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ මා තුළ පැහැදීමක් නැත. එහෙත් ඇමරිකාව බිරිතානිය වැනි රටවලට පව්කාරයාට ගල් ගැසීමට ඇති අයිතිය කුමක් ද? යේසුතුමා දේශනා කළේ කිසිදා පවක් නොකළ අයෙකුට පළමු ගල ගසන්ට ය. ඉරාකය ඇෆ්ගනිස්ථානය වන් රටවල නූතන හිට්ලර්ගේ චරිතය රඟන මස් වැද්දන්ට ඒ පිළිබඳ කට ඇරීමටවත් අයිතියක් ඇද්ද?

Unknown said...

i never thought of such thing!