Sunday, August 10, 2008

පිංකම

තිබුනද රිසි කමක් කීමට කවිබැඳ
නෑ මට දස්කමක් ලියුමට පැදිපද
සී පද කල් දැමෙයි නොව කියමින්අද
වේ විද මා සමත් කීමට හදබැඳ

නෑකිසිවිට
වීපසෙකට
සිහිකොට
මාඅසුපිට

හෙළ හෙළියෙඇත්තන්
දුන් සැවොමඔවදන්
මුලින් පදබැඳපන්
එළි සමයනොසිතන්

ලිව්වා මුල්පද අට
යැව්වා හෙළහෙළියට
නින්දා නැතඅසනට
සිතුවා තවලියුමට

ඉන්නෙ මා මේදුරු රට
සිංහළය නැතඇසුරට
නැංවු මාගේබස් පෙම
හෙළියටයි හෙළපිංකම

මා කවියෙකු නොවුවත්, වීමට නොසිතුවත්, කවි පෙළක් ලියූ වගයි. :-)

යතුරු ලියනය සදහා අනුරාධ ගේ හෙළ පැදි හැඩසවනය යොදා ගතිමි.

4 comments:

නාමල් උඩලමත්ත said...

කවිය අර්ථ ධ්වනි මාර්ගයෙන් රස සදන කලාවෙකි. එම අර්ථ ධ්වනි ශබ්ද ධ්වනි විසින් ප්‍රබල කරනු ලැබේ. රසය වර්ධනය කරනු ලැබේ. විරිත සිංහල කවියේ ඒ සදහා යොදා ගන්නා හුරුබුහුටි අංගයකි. විරිතින් සඳැසින් තොර නිසඳැස් නම් ආනයනිත බඩුව අංශභාග කවියකැයි ගුණදාස අමරසේකර ලීවේ එහෙයිනි. බටහිර අනුකරණය කර අටවා ගත් ඊනියා නිසඳැස් උගුලේ නොවැටී නියම සිංහල කාව්‍ය සම්ප්‍රදාය වෙත පිවිසීම අගයමි. අපූර්ව වස්තු නිර්මාණයේ ශක්‍යතාව සතතාභ්‍යයාසයෙන් වර්ධනය කර ගත යුත්තකි. එහෙයින් දිගට ම ලියන්න. කවියෙකු වීමේ කෙටි මං නැත.

රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) said...

විරිත, සඳැස සැම විට ම රැකිය යුතු යි. එළිසමය නැති වීමේ වරදක් නැහැ. මොකද, කවියකට ගැයිය හැකි බවක් එනේ විරිතෙන් හා සඳැසෙන්. එළිසමයෙන් කවියට මනා ඔපයක්, ලස්සනක් එනවා.

ඔබේ කවි රසවත්, දිගටම ලියන්න. කවි ලිවීමේ දිගු මඟට පිළිපන් ඔබට සුබ පැතුම්.

Bandula - බන්දුල said...

ඇත්තටම රසවත්!
කවි ගැන ලොකුවට දන්නෙ නෑ.
ඒත් ඔබේ කවි රසවිඳින්න පුළුවන්.

බිඟූ said...

elane ban